බීමත් රියදුරාගේ අපරාධය .

ඊයේ ( 13 ) අනුරාධපුර – ත්‍රිකුණාමල මාර්ගයේ කහටගස්දිගිලිය නගරය ආසන්නයේ ඇති තුරු සෙවන නම් ස්ථානයේ දී මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර මෝටර් රථය පිළිසකර කරන කාර්මිකයෙකු තම පුතු සමග එම අදාළ ස්ථානයට පැමිණ ඇත.එම අවස්ථාවේ මෝටර් රථ හිමිකරු , ඇගේ බිරිද සහ කුඩා දරුවෙකු සිට ඇත .

මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටින අතරතුර එම ස්ථානයට බීමතින් වෑන් රථයකින් ආ පුද්ගලයෙකු මොවුන් සමග බහින් බස් වී ඇත.එම බහින් බස් වීම දුර දිග ගොස් වෑන් රථ රියදුරා මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන මෝටර් රථය අසල සිටි පිරිස යට කරගෙන වෑන් රථය ධාවනය කර ඇති බව කියයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පිරිස කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථ කාර්මිකයා මිය ගොස් සිට ඇතැයි වාර්තා වන්නේ. බරපතල තුවාල ලැබූ අනෙක් පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි තිදරු පියෙක් වන අතර අනතුර සිදුකළ සැකකරු එම ප්‍රදේශයේම 38 හැවිරිදි පුද්ගලයෙකු බව කියයි.

සැකකරු අද (14) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version