විදේශීය හමුදාවට වෙට්ටු දැමූ සුදේව අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හරී

බීමතින් රිය පැදවීම හේතුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගමන්ගත් රථ පෙළකට අවහිර වන ආකාරයෙන් බීමත්ව රිය පැදවීම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබේ.

එමෙන්ම පොලිස් අණ නොතකා ධාවනය කළ අදාළ වාහනය මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

තවද වැඩිදුරටත් කරුණු ව්මසා බැලීමේදී වාර්තා වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ආරක්ෂාව යටතේ ගමන් කරමින් සිටි විදේශ රටවල් 17ක හමුදා නිලධාරීන්ගේ රථවලට බාධා වන අයුරින් හැසිරුණු සුදේව හෙට්ටිආරච්චි ඇතුළු තිදෙනෙකු අද පස්වරුවේ මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබීමයි.

Exit mobile version