බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කෙරේ

එළඹෙන 31 වනදා අපවත් වී වදාල බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

අද (29) පෙරවරුවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය බෞද්ධාලෝක මාවතේ පිහිටි  බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කෙරිණි.

උන්වහන්සේ ගිහිකල අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සොයුරු ආනන්ද වීරසේකරව යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු වශයෙන් ද සේවය කර ඇති බව සඳහන් වේ.

එමෙන් ම හෙට (30) දිනයේ දී උන්වහන්සේගේ දේහය අම්මාර තෙක් ගුවනින් රැගෙන යාමට සැලසුම් කර ඇති අතර එදින පස්වරු 04.30 සිට දේහය බුද්ධංගල  ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කිරීමට නියමිතය.

බුද්ධංගල නාහිමියන්ගේ ආදාහන පූණ්‍යෝත්සවය එළඹෙන 31 වනදා පස්වරු 03.00ට බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

Exit mobile version