බුදුදහමට අපහාස කළ ජෙරොම්ගේ මයිලකටත් හානියක් වෙන්නෙ නෑ – රාජපක්ෂ පවුලේ උවමනාවනුත් ඉටු කරයි.

•ජෙරම්ගේ ව්‍යාපෘති දෙකකි.

ජාති,ආගම් භේදයක් ඇති කිරීමට ජෙරොම් විසින් සිදුකළ ප්‍රකාශය උඩ ගෙඩි දෙන්නක් බවට පත්විය හැකි බව කීර්ති රත්නායක නැමැත්තෙකු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදි.

මෙහිදී ඔහු සදහන් කරන්නේ ජෙරොම් යනු ලංකාවේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන ‘ බුදුන් ජේසුන්ගෙන් ආලෝකය සෙව්වා ‘ යන ප්‍රකාශයත් සමග කරළියට ආ පුද්ගලයකු බවයි.

එසේම, ජෙරොම් ප්‍රනාන්දු නිවාඩුවක් ගත කිරීම සදහා බාලි දූපතට ගොස් ඇති බවත් ,ඔහුගේ ඉන්ස්ට්‍රර්ග්‍රෑම් ගිණුමේ ඔහු නැවත ඉරිදා දින ලංකාවට පැමිණෙන බවට සටහන් කර ඇති බව ප්‍රකාශ කරයි.

එමෙන්ම ජෙරොම් විසින් ඉදිකර ඇති ‘මිරකල් ඩ්‍රෝම්’ ආගමික ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා ග්‍රේසන් ගුණවර්ධන කටුනායක එයාර්පෝට් එක ඉදිරිපිට ඇති පර්චස් 10 ක ඉඩම ලබාදීම ‘උපන් ගෙයිම සැක සහිත කටයුත්තක් බවට පවසා සිටී.

එසේම මෙය බ්‍රෝනගේන් ආගමික කණ්ඩායම්වල ක්‍රියාකාරකමක් වුවත් සජිත් ප්‍රේමදාස,ජලනි ආර්‍යාව,දුලංජලී ප්‍රේමදාස ,රෝසි සේනානායක,සාලිය පීරීස්,දප්පුල,හර්ෂද ශිල්වා,රාජපක්ෂ පවුලේ ළමුන් තිදෙනා මෙහි අනුගාමිකයන් බවට ප්‍රකාශ කරයි.

එමෙන්ම රනිල්ගේ ගේ ගිනි තැබීමට බ්‍රෝනගේන් කල්ලිය මුල් වූ බවත් එනම් බැසිල් රාජපක්ෂ පැහැදිලිවම අරගලය පිටුපස බ්‍රෝනගේන් සිටින බවට ප්‍රකාශ කළ බව ඔහු සදහන් කරයි.

එමෙන්ම බ්‍රෝනගේන් සාමාජිකයින් ලංකාවේ අධිකරණයද හෑල්ලුවකට ලක් කර ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද රිංගා එයද පරිහානියට ලක් කළ බව සදහන් කරයි.

ඒ අනුව බ්‍රෝනගේන් සාමාජිකයින් වූ ජෙරොම් සහ අබ්දුල් රාසික් රාජපක්ෂ පවුලේ උවමනා ඉෂ්ඨ කළ බවද මේ අනුව මොවුන් දෙදෙනා අතර කිසි වෙනසක් නොමැති බවද පවසා සිටී.

එමෙන්ම ගෝඨාභය හැට නව ලක්ෂයකින් බලයට පත් වූයේ පාස්කු චූදිතයන්ට තරාතිරමක් නොබලා දඩුවම් ලබා දෙන බව පවසා වුවත් එය රාජපක්ෂලා ඉටු නොකිරීම හේතුවෙන් කතෝලික සභාව ඔවුන් සමග දැඩි අමනාපයකින් පසුවන බවත් ප්‍රකාශ කරයි.

එසේම මෙය කතෝලික සභාවෙන් පළිගැනීමට සහ කාදිනල් හිමි රිදවීමට සිදු කරන ලද්දක් බවත් පවසා සිටී.

එමෙන්ම ජෙරොම් කියන පුද්ගලයා ලංකාවේ ක්‍රියාත්මක වුවත් ඔහුගේ ඉලක්කය වූයේ පාස්කු ප්‍රහාරය මෙන්ම මෙයද ජියෝ පොලිටිකල් ඉලක්කයක් විය හැකි බවට ප්‍රකාශ කර තිබේ.

තවද, ජෙරොම් ලක්සරි ලයිෆ් එකක් ගත කරන බවත් ,ඔහු අදින කමිසයක මිල එක්ලක්ෂ හැත්ත පන්දාහක් බවත් ප්‍රකාශ කරයි.

එබැවින් මොහුට මෙතරම් මුදල් කොහෙන්ද ? රත්තරං සල්ලිද, කුඩු සල්ලිද, ඇමරිකාවේ සල්ලිද යන්න පිළිබඳවත් ජෙරොම් හරහා ඉහළ පැලැන්තිවලට මුදල් ගියාද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේ වගේ රටක මෙවන් ප්‍රකාශයක් සිදු කිරීම අතිශය බිහිසුණු බවත්,මෙහි අවසානය ඛේදවාචකයකින් කෙළවර වන බවත් පවසා සිටී.

තවද ජෙරොම් යනු කුලී හේවායෙකු බැවින් ඔහුගේ මයිල් ගහකටවත් හානියක් නොවන බවත් ශක්තික සත්කුමාර,පසල්,සේපාල යන පුද්ගලයින් මෙයින් වින්දිතයන් බවට පත්වන බවත් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.
https://youtu.be/gVvll2Kc_0c

Exit mobile version