බුදුරැස් දහරින් සිරිලක නැහැවුණු දුරුතු පොහෝ දිනය අදයි

නව වසරේ පළමු පොහෝ දිනය, දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (17) දිනට යෙදී ඇත.

බුද්ධ ශාසනයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් වශයෙන් මෙම පොහො දිනය හැඳින්විය හැක.

බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූයේ ද අදවන් පින්බර උතුම් දිනක වන අතර සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි බුදුන්වහන්සේ මහියංගනයට වැඩමකර යක්ෂ සහ නාග ගෝත්‍ර අතර පැවති ගැටුම සමතයකට පත්කරන ලද්දේ ද අදවන් උතුම් දිනක බව සඳහන් වේ.

එමෙන් ම තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිසට දම් දෙසා දහම් මගට හරවාගැනීම ද දුරුතු පොහෝ දිනක සිදුව ඇති අතර බෞද්ධ ඉතිහාසයේ පළමු ආරාම පූජාව බිම්බිසාර රජු විසින් බුදුන්වහන්සේ ඇතුළු මහ සඟරුවනට පූජා කරන ලද්දේ ද අදවන් පුන් පොහෝ දිනකය.

Exit mobile version