මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය සහ උපකරණ සහිත ගබඩාවක හටගෙන තිබෙණ ගින්නක් මේ වන විට පාලනය කර තිබෙන බව මහනුවර පොලිසිය සඳහන් කරයි.
ගින්නට හේතුව වශයෙන් පොලිසිය සැක පහළ කරන්නේ එහි තිබූ වායු සමීකරණ යන්ත්‍රයක හටගත් යම් දෝෂයක් බවටයි.
කෙසේ නමුත් මෙම ගින්නෙන් ඒ තුළ තිබූ මාධ්‍ය ඒකකයට අයත් උපකරණ විශාල ප්‍රමාණයක් ගින්නනෙන් විනාශ වී ඇති බවට වීඩියෝ දර්ශනවලින් පෙනී යයි.
මෙම ස්ථානයට පැමිණි මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග ලබා දී ඇත.
මීට පෙර පසුගිය වර්ෂයේ පැවති අවසන් රන්දෝලි පෙරහැරේ අලි කුලප්පුවෙන් පසුව පැරණි පෙරහැරක් සජීවීව පෙන්වීමට දියවඩන නිලමේවරයා සහ ඊනියා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබුණි.එමෙන්ම ඔවුන් විසින් මේ වන විට සිදුකර තිබෙණ ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ,බෞද්ධ ධර්මයත් විනාශ වන අයුරින් සිදුකර තිබෙණ වංචා දූෂණ අක්‍රමිකතා ගණනාවක් අනාවරණය කර තිබුණ ද මේ වන තෙක්ම ඒවා සෙවීම සඳහා වගකිව යුතු පොලිස්පතිවරයා හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්ව තිබේ.
එසේම ඊයේ (29) පාර්ලිමේන්තුව තුළදී බොහෝ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් ධර්මය දේශනා කළ ද මේ වන විට ශ්‍රී ලංකාව තුළ තිබෙන බෞද්ධාගමික ස්ථාන රැක ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පාලකයන් විසින් සිදුකර තිබෙන අක්‍රමිකතා, රුවන්වැලි මහා සෑයේ පාදමේ තිබූ මැණික් පිළිබඳව කර තිබෙණ ආන්දෝලනාත්මක සිද්ධීන් කිසිවක් පිළිබඳව කතා කිරීමට ඔවුන්ගේ මුව විවර වූ බවක් නම් පෙනෙන්නට නැත.
මෙම සිද්ධිය පිටුපස වර්තමාන ජනාධිපතිවරයාට අප කීර්තියක් ඇතිවන ලෙස සිදුකරන ලද කුමන්ත්‍රණයක් තිබේද යන්න මත සොයා බැලිය යුතු අතර දියවඩන නිළමේවරයා සහ ඊනියා මාධ්‍ය අධ්යක්ෂවරයා මේ වන තෙක්ම ඒ ආකාරයේ විවිධ කුමන්ත්‍රණ සිදුකළ බවට ද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය රටේ වගකිව යුතු සියලු ආයතන වෙත පැමිණිලි කර තිබේ.
ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සමග කරන මේ සෙල්ලම වහාම නවතා දැමිය යුතුව ඇත.එමෙන්ම මෙම දූෂිතයන් මේ වන තෙක් සිදුකර ඇති සියලු අපරාධ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන ලෙස ද, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පක් කරන ලෙස ද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය යළිත් වරක් ජනාධිපතිවරයා ඇතුලු දේශහිතෛශී ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිති.
ඕනෑම වරදක් සැඟවිය නොහැක.වැරදි කරන පුද්ගලයින්ට අවශ්‍ය දඬුවම සොබා දහම මගින් හෝ ලබාදෙයි.එසේම සමූහයක් විසින් එකතුව වැරදි සගවන විට එම සමූහයටම ලැබිය යුතු දඬුවම සොබා දහම මගින් ලබා දේ.මොවුන් එදා සිටම කර තිබෙන වැරදි දෙස බලන විට ඒවාට දඬුවම් ලබා දී නැත.එබැවින් සමූහයම විනාශ කරමින් අපකීර්තියට පත් කිරීම සොබා දහම මගින්ම ඉටු කරමින් සිටී.
මාධ්‍ය මගින් සත්‍ය යටපත් කරන විට වෙනත් ක්‍රම මගින් හෝ සැබෑම වුත් පරම වූත් සත්‍ය නිරාවරණය වන්නේ සත්‍ය සඟවන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ද විනාශයට පත් කරමිනි.