විදේශගතවීම සදහා කටුනායක ගුවන් තොටුපොලට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රවිදු වර්ණරංගන හෙවත් බූරු මූණාට පළායාමට අවශ්‍ය පහසුකම් සැලසීම ,රැකවරණය ලබාදීම යන චෝදනා මත තවත් පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (13)අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
මොවුන් අවුරුදු 38 සහ 43යන වයස්වල පසුවන කටුවැල්ලේගම, මීගමුව සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුට පළා යාම සදහා ලබාදුන් මෝටර් රථ දෙකම පොලිස් භාරයට ගෙන ඇති අතර මීට පෙරද බූරු මූණා පොලිසියෙන් මුදවාගෙන රැගෙන යාමේ චෝදනා මත සැකපිට හිමිවරු දෙනමක් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බවට වාර්තා වේ.