බ්‍රිතාන්‍ය පරික්ෂකයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ කොවිඩ් මර්දන බූස්ටර් එන්නත මගින් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන්ට දරුණු රෝගාබාධ තත්ත්වයක් ඇතිවීම 85% කින් පමණ පාලනය කරන බවයි.
එම පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙම බූස්ටර් එන්නත ඔස්සේ ඔමික්‍රොන් ආසාදිතයන් රෝහල්ගත කිරීම කැපී පෙනෙන ලෙස අඩු කරන බවයි.
මේ වන විට මෙම නව ප්‍රභේදය සීඝ්‍ර ලෙස පැතිර යන බ්‍රිතාන්‍ය තුළින් ඊයේ (17) දිනයේ දී ආසාදිතයින් 93,000කට අධික පිරිසක් වාර්තා වීමත් සමග මෙම තොරතුරු ඔවුන් අනාවරණය කර ඇත.