කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (07) පස්වරුව වන විට ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවත්නා ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම සුළි කුණාටු තත්ත්වය හෙට (08) පෙරවරුව වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු තමිල්නාඩු ,පුදුවේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශවල වෙරළට ළඟා වනු ඇති බවයි.
මෙම කුණාටු තත්ත්වයෙන් ඇති වන බලපෑම තුළින් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි තත්ත්ව අපේක්ෂා කළ හැකි අතර උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට පැයට කිලෝමීටර් 50 – 60 අතර තද සුළං තත්ත්වයක්ද අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.