කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙනිසා පවත්නා වැසි තත්ත්වය 25 වනදා තෙක් පවතිය හැකියි අපේක්ෂා කරන බවයි.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට, බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් වැසි ඇදහැලෙමින් පවතින බව ද වාර්තා වේ.
මේ අතර වැඩිම වර්ෂාපතනයක් අද (22) උදෑසන 08 න් අවසන් වූ පැය 24ක කාලය තුළ දී කුරුණෑගල තම්පන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී.138.5ක් ලෙස සටහන්ව ඇත.