කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (16) දිනයේ උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බවත් ඒ අනුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සැලකිමත්වන ලෙසය.
වාර්තා වන ආකාරයට අන්දමන් සහ නිකොබාර් යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය, අද (15) උදෑසන 8.30 වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවතුනු බවද මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකිය.
ඉහත කී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවත් ඒ අනුව ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දෙයි.