බොරතෙල් මිල ලෝක වෙළඳපොළේ තවදුරටත් ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල අද දිනයේ ඇමරිකානු ඩොලර් 84.84ක් ලෙස සටහන්ව ඇත්තේ සතියක් තුළදී 3%කින් තෙල් මිල ඉහළ දමමින් ය.
මෙවැනි ඉහළ මිලක් මීට පෙර වාර්තා වී තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස වන බවයි සඳහන් වන්නේ.
එමෙන් ම ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 82.05ක් ලෙස අද දිනයේ දක්වා ඇත.
මෙලෙස අඛන්ඩව තෙල් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ ඔපෙක් සංවිධානය ඇතුළු රටවල් කිහිපයක නිෂ්පාදනය නතර වී තිබීම බව සඳහන් වේ.