බොල්තුඹේ නිළවරණයට භික්ෂූන් කණ්ඩායමක් කඩා වැදීමේ සැලසුමක්.?


බලන්ගොඩ බොල්තුඹේ ශ්‍රී සුමන සමන් දේවාලයට නව භාරකාරවරයෙකු පත්කර ගැනීම සදහා වන නිළවරණය අද (29) දහවල් දෙකට පමණ රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.


එහිදී එක් පාර්ශ්වයක් දිනවන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේඛම්, දේශපාලන මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල බවට නමක් තබාගෙන සිටින අබෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙකුම ප්‍රාදේශීය ලේඛම්වරුන්ට දිගින් දිගටම බලපෑම් කලේය. කෙසේ නමුත් එම බලපෑම් පිළිබදව අප දිගින් දිගටම වාර්ථා කලේය. එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පවා මුදලට යට වී තිබෙන බවට චෝදනා තිබේ.


මෙම නිළවරණයට බාධා කරමින් තමන්ට අවශ්‍ය කෙනා දිනවීම සදහා එම භික්ෂූන් විශාල ප්‍රමාණයක් අද නිළවරණය පැවැත්වෙන ස්තානයට කැඳවීමට අවශ්‍ය සැලසුම් මේවන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නමුත් සමහර භික්ෂූන් එයට අකමැත්ත ද ප්‍රකාශ කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයාද බලපෑම් කර තිබෙන බැවින් , භික්ෂූන්ගේ මැදිහත්වීම ප්‍රාදේශීය ලේඛම්වරුන්ගේ ස්වාධීනත්වයට ගැටළු ඇතිකර තිබේ.


ප්‍රාදේශීය ලේඛම්වරු කාට තම කැමත්ත දුන්නත්, එය ස්වාධීනව කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබිය යුතුය. නමුත් රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය තුල එය නිර්මාණය වී නැත.
මෙම නිළවරණය වෙනුවෙන් අපේක්ෂකයන් පස් දෙනෙකු පෙනී සිටින අතර අපේක්ෂකයන් හතරදෙනෙකුගෙන්ම ප්‍රාදේශීය ලේඛම්වරුන්ට කිසිදු බලපෑමක් එල්ලව නැත. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා හැර අනෙක් සියලුම ප්‍රාදේශීය ලේඛම්වරුන් අසරණව සිටින අතර නිළවරණයෙන් පසු ඔවුන්ට පහරදීමට ඉඩ තිබෙන බව අපට ලැබෙන තොරතුරු වලින් පෙනී යයි.

කෙසේ වුවත් එය තොරතුරක් වන අතර යමක් සිදුවුවාට පසු සිදුවීමක් වාර්තා කර පලක් නැත. ඒවා වලක්වා ගැනීම සඳහා කටයුතු කල යුතු අතර, බොහෝ අවස්ථාවලදී මෙවැනි පුවත් පලකිරීමෙන් පසුව එවැනි කුමන්ත්‍රණ ව්‍යර්ථ වී ගිය අවස්ථාවන් ද ඕනා තරම් තිබේ.


එබැවින් නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය ලේඛම්වරුන්ගේ ආරක්ෂාව තරකරන ලෙසත්, අනවශ්‍ය පුද්ගලයන්ට නිළවරණයට පවතින ස්ථානයට පැමිණීමෙන් වලක්වන ලෙසත්, එය අපගේ මාධ්‍ය ආයතනය හරහා දැනුවත් කරන ලෙසත් උගත්, ගුණවත්, නැණවත් භික්ෂූන් වහන්සේලා සහ ප්‍රගතිශීලි බෞද්ධ කිහිප දෙනෙක් අපගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

එසේම මාධ්‍යවේදීන් පැමිණෙන්නේ නම් ඔවුන්ටද නිළවරණය පැවැත්වෙන ස්ථානය තහනම් කිරීම කිසිදු ගැටළුවක් නැති නමුත්, ඡන්දය ලබා දෙන පුද්ගලයන්, ඡන්දය ඉල්ලන පුද්ගලයන්, නීතිවේදීන් සහ යෝජිත රාජ්‍ය නිලධාරීන් හැර අනෙක් සියල්ලෝම එම ස්ථානයෙන් ඉවත් කිරීමත්, වෙනත් කිසිදු පුද්ගලයෙකු හෝ භික්ෂූන් හෝ එම ස්ථානයට ඇතුල් කර ගැනීම වැලැක්වීමෙන් ප්‍රදේශීය ලේඛම්වවරුන්ට තම කටයුතු කරගත හැකිවනු ඇති අතර, ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව යන තෙක් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන්ද ගැටළු ඇති නොවනු ඇත. භික්ෂූන් හෝ වෙනත් පාර්ශ්වයන් එම ස්තානයේ රැදී සිටීම කිසි සේත්ම නිදහස් හෝ සාධාරණ නිලවරනයක් විය නොහැක.

මෙවැනි නිළවරණ ගනණාවකට අප ආයතනයේ ගවේෂණාත්ම කණ්ඩායම් සහභාගී වී තිබේ. අද දිනද අපගේ කිහිප දෙනෙකු පැමිණීමට යෝජිතව තිබේ.


ඒ අනුව සබරගමුව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ, රත්නපුර කොඨිඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ, සහකාර පොලිස් අධිකාරිතුමාගේ සහ රත්නපුර මුලස්ථාන ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයාගේ අවධානයට මෙම පුවත යොමු කෙරේ.

මේ හා බැදි පෙර පුවත්

Exit mobile version