බලංගොඩ ඵෙතිහාසික බොල්තුඹේ ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේ ලෙස සිටි සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වීම නිසා එහි බස්නායක නිළමේ තනතුර හිස්ව පවතී. එය පිරවීම සදහා මෙම මස 29 වැනිදා නිළවරණය පැවැත්වීමට නියමිත බවට අපට තොරතුරු ලැබී තිබේ.
ලංකාවේ සිටින ප්‍රධාන නිලමේවරයෙකුගේ පියෙක් විසින් මෙම දේවාලයේ තිබු රනින් නිමකර තිබු රාවණා යන්ත්‍රය හොරකම් කරගෙන ගොස් තිබෙන්නේ මීට දසක කිහිපයකට පෙරය. ඔහු සහ ඔහුගේ පුතෙකු වන වර්තමාන නිළමෙවරයෙකු එකතු රත්නපුර මහා සමන් දේවාලයේ තිබු පුෂ්පරාග මානික්‍යයද හොරකම් කර එයට ව්‍යාජ මැණිකක් නිර්මාණය කර තබා තිබෙන බවද මීට පෙර වාර්තා කර තිබුණි.
මෙම බොල්තුඹේ සමන් දේවාලයේ නිළවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට එක් පුද්ගලයෙකු කටයුතු කරමින් සිටී. ඔහු වෙනුවෙන් කහවත්ත ප්‍රදේශයේ හිමිනමක් ද පෙනී සිටින අතර, ඔහුට ජන්දය ලබාදෙන ලෙසත් , ඒ වෙනුවෙන් උපකාර කරන ලෙසත්, ඔහු වර්තමාන දියවඩන නිළමේවරයාගේ ගෝලයෙක් බවටත් ප්‍රකාශ කරමින් අම්මඩුව සහ උග්ගල් අලුත් නුවර දේවාලයන්හි බස්නායක නිළමේවරුන් ද ප්‍රාදේශිය ලේඛම්වරුන් දැනුවත් කරමින් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව ඔවුන් සැලසුම්කර තිබෙන්නේ බස්නායක නිළමේවරුන් දෙදෙනෙකුගේ යෝජනා ස්ථීරත්වයෙන් එම පුද්ගලයා පත්කර ගැනීමටය.
මෙතෙක් කල් සියලුම නිළවරණය වලදී ප්‍රාදේශිය ලේඛම්වරු සිදුකලේ මහජනතාව වෙනුවෙන් තමන්ට හිමි තමන්ගේ ජන්දය සල්ලිවලට විකිණීමයි. මේවන විට මෙම විහාර සහ දේවාලවලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන වලට සිදුව තිබෙන විනාශයට වග කිව යුත්තේ දිස්ත්‍රික් ලේඛම්වරු සහ ප්‍රාදේශීය ලේඛම්වරුන්ය.
2025 වර්ෂයේ ඊ ළඟ දියවඩන නිළමේවරයා තේරීම සදහා නිළවරණය පැවැත්වේ. එම නිළවරණය බෞද්ධ ඉතිහාසයට කළු පැල්ලමක් එකතුවිය හැකි, ලේ වැගිරීම් පවා සිදු විය හැකි නිළවරණයක් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබේ. වර්තමාන දියවඩන නිළමේවරයා එම තරගයට ඉදිරිපත් වන තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නැති වුවත්, ඔහු ඉදිරිපත් වුවහොත් රට පුරා උද්ඝෝෂණ පමණක් නොව ඊ ලග අරගලයක් නිර්මාණය වීම මහනුවරින් සිදුවනු ඇත. ඊටත් අමතරව මහා ලේ වැගිරීම් දක්වා ද එය සිදුවීමට ඉඩ තිබේ.
එවන් පසුබිමක් නිර්මාණය කර තිබෙන්නේ බස්නායක නිළමේවරුන් තේරීම සදහා මෙන්ම දියවඩන නිළමේ තේරීම සදහාද තම ජන්දය නිසි ලෙස භාවිතා නොකල ලේඛම්වරුන්ය. ශ්‍රී ලංකාවේ අගෙමික පැවැත්ම, සමාජීය පැවැත්ම මෙන්ම ආර්ථිකය බිද වැට්ටීම සදහා කටයුතුවලින් හරි අඩක්ම සිදු කලේ මෙරට රාජ්‍ය සේවයේ විධායක පංතියයි. එම පංතියෙන් 80% ක්ම එම විනාශයේ චුදිතයන් වන අතර නුතන නීතියට අනුව දඩුවම් ලබා දීමට සාක්ෂි නැතත් සෙබාදහම් ගිණුමේ එම සාක්ෂි තැන්පත් කර තිබේ.
මේ වන විට රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිළමේවරයාට චෝදනා රාශියක් එල්ලව තිබේ. ඒ අතරේ තිබෙන නවතම චෝදනාව වන්නේ නිධන් හෑරීමයි. ඔහු පත්කර ගැනීමටද වර්තමාන ප්‍රාදේශීය ලේඛම්වරුන් කෙසේ වෙතත් , එකල ප්‍රාදේශීය ලේඛම්වරුන්ගේ කැමත්තෙන් සිදුව තිබේ. එසේ නොමැති නම් ඔවුන් රූකඩ සේ සිටියාද විය හැකිය. කෙසේ නමුත් වර්තමාන බස්නායක නිළමේවරයාට එල්ලවන චොදනාවල පාපය, ඔහු පත්කර ගත්, අයට මෙන්ම එකල සිටි ප්‍රාදේශීය ලේඛම්වරුන්ටද අත් වේ.
එම පාපයෙන් මිදී මේ සියල්ලම නිවැරදි කරගැනීමට එම සියලුම දෙනාටම දැන් අවස්ථා දෙකක් උදා වී තිබේ. ඒ රාවණා රජයන්ගේ ඉතිහාසය බැදී තිබෙන “රාවණා දේවාලය” නොහොත් බොල්තුඹේ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස, කාගෙවත් ගෝලයෝ , යටින් ගින්දර ගෙනියන්නන් නොව වැදගත්, හොරෙක් නොවන පුද්ගලයෙකු තෝරා ගැනීමයි. අනෙක් අවස්ථාව වන්නේ එළඹෙන අවුද්දේ මැද භාගයේදී පැවැත්වීමට නියමිත රත්නපුර සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙසද හොද මිනිසෙකු තෝරා පත්කර ගැනීමයි. ඒ වෙනුවෙන් අල්ලස් නොගෙන, තමන්ගේ අණට කීකරුවන, ආගමට දහමට අනුව ඉදිරියට යා හැකි , සත්ගුණවත් පුද්ගලයන් සොයා මෙම තනතුරු දෙකටම පත් කිරීම මගින් නව පණිවිඩයක් රටටම දීමට හැකියාව තිබේ.
එසේ නොමැතිව, 2025 දී පැවැත්වෙන දියවඩන නිළමේවරයා තෝරා පත්කර ගැනීමේ නිළවරණයේදී, වර්තමාන දුෂිත පද්ධතිය අනුමත කිරීම උදෙසා ඡන්ද නිර්මාණය කර තව දුරටත් ආගම දහම විනාශයට උර දීම උදෙසා මෙම දේවාල දෙකේදීම නිහඩව සීටීම යනු, අල්ලස් ලබාගන්නවාටත් වඩා සිදුකරන විශාල අපරාධයකි.
එබැවින් රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා ප්රමුඛ ප්‍රාදේශීය ලේඛම්වරුන් කල යුත්තේ, කාගෙවත් මිනිස්සු නොව, තමන්ගේ මිනිස්සු මෙම දේවාල දෙකට බස්නායක නිළමේවරුන් ලෙස පත්කර ගැනීමයි. ඒ සදහා ඔවුන්ගේ සහොදරයන්, හිතවතුන්ගේ නම් යෝජනා කර ස්ථිර කරගෙන ඡන්දයකට යා හැකිය. එහිදී ස්ථීර වශයෙන්ම පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයාගේ ඡන්දය දියඩන නිළමේවරයා සහ සේනින්ද නම් භික්ෂුව විසින් ඉදිරිපත් කිරීමට යෝජිත පුද්ගලයාට හිමිවනු ඇත.
කිසිදු අල්ලසක් නොගෙන ලේඛම්වරුන්ගේ ඡන්දයෙන් කිසිවෙකුටත් බලපෑමක් නොවන ලෙස කීර්තිමත් නිළවරණයක් පවත්වා සමස්ත රටටම ආදර්ශයක් ලබා දීමට, රත්නපුර දිස්ත්‍රික් ලේඛම් ප්රමුඛ ලේඛම්වරු කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව රාවණා ලංකා අප බලාසිටින්නේ රටට හිතැති පරපුරක් රට වෙනුවෙන් අවශ්‍යව තිබෙන බැවිනි. එය නිර්මාණය කිරීම සදහා අවශ්‍යම ආගමික දර්ශනයන් ස්ථාපනය කිරීමේ භාරදුර වගකීම ඉටුකිරීමට රත්නපුර දිස්ත්‍රික් ජනතාවගේ චන්දය භාවිතාකරන ප්‍රාදේශීය ලේඛ්ම්වරු කටයුතු කලහොත් එය සමස්ත රටටම ලබා දෙන නියම පුර්වාදර්ශයක් ද වැනි ඇත.