බෝම්බ බියකින් ඉන්දියාවේ බෙංගලූර් නුවර පාසල් 13 ක් කැළඹී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
පාසල් පරිශ්‍රය තුළ බෝම්බ ඇතැයි, පාසල් විදුහල්පතිවරුන්ට අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ උදෑසන පාසල් ආරම්භ වීමෙන් පසු ඊමේල් පණිවුඩ මගිනි.
එම පණිවිඩයත් සමග පාසල් බලධාරීන් කලබලයටත් බියටත් පත් වී පාසල් හිස් කිරීමට පටන්ගෙන තිබේ.
මෙම තොරතුරු ආරංචිවීමත් සමග දෙමාපියන් පාසල් ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ එම තත්ත්වය පාලනය කර කර ඇති අතර, බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් පැමිණ පාසල් සියල්ල හොඳින් සෝදිසි කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් බෝම්බ හෝ පුපුරන ද්‍රව්‍ය හමුවී නොමැති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.