බෝ නොවන රෝග පවතින පුද්ගලයින්ට ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළක්.

බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට ඖෂධ සැපයීමට ඒ ඒ රෝහල් මගින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.

ඖෂධ ලබා ගැනීමට සම්බන්ධ තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 2ක් ද හඳුන්වා දී ඇති බවද බෝනොවන රෝග පිළිබඳ විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සඳහන් කර ඇත.

එම දුරකථන අංක 0720-720 720 හා 0720-60 60 60 වේ.

කොවිඩ් වෛරස් තත්ත්වයේදී බෝනොවන රෝග පවතින අය ද නිසි පරිදි ඖෂධ ලබා ගනිමින් තම සෞඛ්‍ය මට්ටම යහපත්ව පවත්වාගෙන යාම ද ඉතා වැදගත් කරුණක් ලෙස අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කර ඇත.

Exit mobile version