බෞද්ධසාසන කොමසාරිස් ජනරාල්ට විරුද්ධව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්.

බෞද්ධසාසන කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාට විරුද්ධව මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ වංචා සහ දූෂණ පිලිබදව දැනුම් දී එයට එරෙහිව මේ වන තෙක්ම කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා, ශ්‍රී රාවනා ලංකා ජාතික සංවිධානය වෙනුවෙන් ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ ගිහි බාරකරුවන් ඇතුළු විවිධ බස්නායකවරුන් බුදු දහම විනාශ වන ලෙස , විවිධ අයුරින් සිදු කර තිබෙන වංචා , දූෂණ සෙවීම සහ නැවත එවැනි දේවල් සිදු නොකිරීමට නිර්දේශ ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සදහා අවධානය යොමුව තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

එසේම මීට පෙර සිටි අධ්‍යක්ෂක ජනරාල්වරුන් මෙන්ම වර්තමානයේ රාජකාරී සිදු කරන්නන්ද බුදු දහම සහ බුදු දහමට අයත් දේවාල සහ ඒවායේ තිබු බොහෝ දේ විනාශ කිරීමට ආධාර අනුබල දී තිබෙන අතර දේවාල වලට අයත් ගිණුම් වලින් මුදල් ලබා ගෙන බෞද්ධසාසන කටයුතු දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතුසදහා යොදවා තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

බෞද්ධ සාසනය විනාශ කිරීම සදහා  බෞද්ධ ජනතාවම කටයුතු කිරීම තුලින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගය විනාශ කිරීම සදහා කටයුතු කර තිබෙන්නේ වෙනත් කිසිම ජාතිකයෙකු නොව. සිංහල බෞද්ධ ජනතාව බව පැහැදිලිය.

Exit mobile version