බෞද්ධාගමට අපහාස කළ කතක් අත්අඩංගුවට

” මෝඩාභිමානය ” නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි ලැබුණු පැමිණිලි අනුව ජයනි නටාෂා එදිරිසූරිය නම් කාන්තාව සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. මැය ඉරිපත් කළ ප්‍රහසන අංගයේ වීඩියෝ පටයක් පසුගිය සතියේ සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගිය අතර එයට විශාල විරෝධයක්ද ඇති විය.

කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අ අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට මෙම කාන්තාව කොළඹ , නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

( ලංකාදීප )

Exit mobile version