පසුගිය දිනක අපගේ මාධ්‍ය කණ්ඩායමක් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල හල්දුම්මුල්ල පිහිටි සොරගුණේ කුඩා කතරගම දේවාලය වෙත ගමන් කලේ එහි ජනතාවගේ ඉල්ලීමක් අනුව ගම්මුන්ගේ දුක් ගහට සොයා බැලීමටත් එහි සිදුවනවා යයි පැවසුණු වංචා දූෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමටයි.
එහිදී දේවාල පරිපාලනයේ විශාල ගැටළු මෙන්ම පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් නින්දගම් වාසි ජනතාව ගැටළු රාශියකට මුහුණ දී සිටිති. එහි බස්නායක නිලමේවරයා විවිද වංචා සහ දූෂණ රාශියක් සිදු කර තිබෙන බවට සාක්ෂි සහිතවම අනාවරණය කර ගැනීම ඇප කණ්ඩායම සමත් වී තිබේ.
එසේම මේ ගැටළු නිරාකරණය කරදෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගෙන්ද ඉල්ලීම් කර තිබුනද අවුරුදු ගණනක් පුරා මේවා විසදා නැත. එහි ගිය අප කණ්ඩායමේ සුභ සාධක උපදේශන සේවයේ වැඩ වලටද බදා වන ලෙස එම දේවාලයේ බස්නායක නිළමේගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කර තිබෙන අතර, විශාල පිරිසක් බිය කර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද ඔහු කටයුතු කර තිබෙන බවට සාක්ෂි අප කණ්ඩායම විසින් ලබා දී තිබේ.
කෙසේ වුවද පොදු නීතිය යටතේ එම බස්නායක නිලමේවරයාට විරුද්ධව කටයුතු කිරීමට පොලිසිය බැදී සිටින අතර, තම රාජකාරිය පැහැර හැරීමට විරුද්දව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට විරුද්ධවද අපරාද චෝදනා යටතේ නඩු පැවැරීමට හැකියාව පවතී.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ වරදින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට දේවාල සහ විහාරස්තාන කිහිපයක මේ වන විටත් වංචා දූෂණ ගනනාවක් සිදු වේ.
පරිපාලනය සම්බන්ධව තීරණ ගැනීමේ නිසි බලධාරියා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වන අතර , වංචා ,දූෂණ, අක්‍රමිකතා , ආරවුල් ඇති කරවීම ඇතුළු ලංකා දණ්ඩනීති සංග්‍රහයෙන් කියවෙන වගන්තීන් වලට අයත් වැරදි වලට විරුද්දව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම පොලිසියේ රාජකාරිය වේ. එසේම නිසි බලධාරියා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කටයුතු කර නොමැති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වන්නේ නම් ඔහුට විරුද්දව නඩු පැවරීමට හල්දුමුල්ල පොලිස් ස්ථානයට බලය පවතී. එසේම මේ වන විටත් පවතින කරුණු මත එම චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සාක්ෂි පැහැදිලිවම තිබේ.
ව්‍යවස්ථාපිත යුතුකමක් ඉටු නොකිරීම, සාමය කඩවන ලෙස මිනිසුන් ප්‍රකෝප වීමට ඉඩහැරීම, ආගමික ලබ්දියට හානිවන බව දැන දැනම ඒවා වැලක්වීමට කටයුතු නොකිරීම, මිනිසුන්ගේ සාමකාමී ජීවිතයට හානිවන ලෙස කටයුතු කිරීමට ඉඩ හැරීම, රාජ්‍ය සේවකයෙකු ලෙස වැලැක්වීම තම යුතුකම වන්නා වූ කටයුත්තක් සිදු නොකිරීම, ජනතා දේපල අහිමි කිරීමට අනුබල දීම, වැරදි ගනනාවක් සිදු වන බව දනිමින්ම ඒවා සිදු කිරීමට ඉඩ හැරීම ආදී වගන්ති ගණනාවකින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට අපරධ නඩු පැවරිය හැකිය. ඒ සදහා ඔහුට කර තිබෙන එක පැමිණිල්ලක් සහ ලැබී ඇති පිලිතුරක්ද ප්රමාණවත්ය. ඔවුන් විශ්‍රාම ගියද අවුරුදු 20 ක් යන තෙක් මේ චෝධනා වලංගුව පවතී.
“බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජනරාල්තුමනි. මේ ජනතාව ඔබට වැටුප් ගෙවන්නේ රූකඩයක් සේ හැසිරෙන්නට නොවේ” ජනතාව කියති. ජනතාව ලබා දී තිබෙන වීඩියෝ පටද අප ඉදිරියේදී මුදා හැරීමට කටයුතු කරනු ඇත.