රට පුරා පාසල් අවටින් මත් පෙති මත්ද්‍රව්‍ය මතු වෙද්දී පාලි හා බෞද්ධ සරසවියේ අහුමුළු වලිනුත් රහමෙර සප්පායන් වූ හිස් බෝතල් මතු වෙයි.එම හිස් බෝතල් තුළ පුරවා තිබූ රහමෙර සප්පායන් වුණේ ද මෙම සරසවිය තුළ සිටි භික්ෂු සිසුන් විය යුත්තේ මහමග යන පුද්ගලයින් බී සරසවිය තුළට විසිකළ ඒවා විය නොහැකි බැවිනි.
පාසල් තුළ සිටින්නේ සිය පුංචි මනස අධ්‍යාපනයෙන් පෝෂණය කර ගනිමින් සිටින්නවුන් වන අතර සරසවි තුළ ඇත්තේ බුද්ධි මට්ටමින් ඉහළ දැනුමින් යම් දුරකට සන්නද්ධ ප්‍රජාවකි.
එමෙන්ම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල භූමිය තුළ ඇත්තේ ද චීවර දරාගත් බෞද්ධාගමට බැඳි රට සමාජය ප්‍රජාව දැහැමි මාර්ගයට යොමු කිරීම සඳහා වන වගකිව යුත්තන් පිරිසක් වන නමුත් අද වන විට නම් එය එසේ නොවන බව පෙනී යයි.
කෙසේ නමුත් මේ අතර ඊයේ (22) දිනයේ බස්නාහිර පළාත තුළ පාසල් 149ක් ආවරණය වන පරිදි සිදු කරන ලද මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත් පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 09 මිලි ග්‍රෑම් 630ක්, අයිස් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 38ක්, ගංජා ග්‍රෑම් 207 යි මිලි ග්‍රෑම් 590ක් සහ මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 260ක් මෙහිදී සොයාගෙන තිබේ.
එමෙන්ම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළේ මෙම මෙහෙයුමේ දී ගංජා ළඟ තබා ගැනීමේ වරදට අවු.17ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක් අසලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා සිසුන් සොයා පොලිසියට රැගෙන එනවාට වඩා මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එන මූල බීජ සොයා විනාශ කර දමන්නේ නම් අගනේ ය.