බෞද්ධ හිමිවරු ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීම සුදුසුද?. බෞද්ධ හිමිවරු සහ බෞද්ධ ජනතාව අතර ගැටුමක ලකුණු.

ශ්‍රී ලංකාව තුල මේ වන විට පත්ව තිබෙන අර්බුධය සදහා කිසිම විසදුමක් ජනාධිපති හෝ රජය විසින් ලබා දී නැත. අහාර මිල දැඩි ලෙස ඉහල යාම, ඉන්ධන නොමැති වීම, ගෑස් මෙන්ම විදුලියද කප්පාදු වීම සහ එම කාරනා හේතුවෙන් ජනතාවට රැකියා පවා අහිමිව තිබේ. එම වාතාවරණය හමුවේ අප මීට දින දෙකකට පෙර ගැටුම් ඇති වීම් පිලිබදව වාර්තා කරන ලදී.

ඊයේ හලාවතදී මෙන්ම අනුරාධපුරදී එවැනි ගැටුම් දෙකක් ඇති විය. ඒ ” ගෝටා එපා” කියමින් පාරට පැමිණි පුද්ගලයන් සහ “ගෝටා අපට ඕනි” ලෙස සදහන් කරමින් උද්ඝෝෂනයේ යෙදුනු අය අතරයි.

මේ අරගල දේශපාලකයන් විසින් සියතට ගැනීමෙන් මහා විනාශයක් සිදු වනු ඇත. එය ඊයෙම අප දුටිමු. එසේම දිගින් දිගටම එසේ වීම ශ්‍රී ලංකාවක් ලෙස හොදයි කීමට නොහැක.

ඒ අතර මෙම අරගලය පිටුපස සිටින්නේ අගරධගුරු කාදිනල්තුමා බවට ප්‍රචාරයක් යවමින් තිබේ. නමුත් අප මුලින්ම දුටුවේ මෙම උද්ඝෝෂන රැල්ලේ ආරම්බය සිදු වන්නේ මිරිහානේ සිද්දියෙන් පසුවy. පසු ගිය 3 වැනිදා රට පුරා පැවැත්වීමට සංවිධානය කර තිබු උද්ඝෝෂන මාලාව තුල කිසිදු සංවිධායකයෙකු සිටින බවක් අප දුටුවේ නැත. රට පුරා පවතී බොහෝ උද්ඝෝෂනවල සන්විධායකයන් සිටියේ නැත.

ඒ අතර නොනවතින අරගලය දැන් දේශපාලන පක්ෂවලටද ගැටලුවකි. අරගලය නොනවතින නිසා තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් නැතිබව පෙනේ. ග්‍රාමීය ජනතාවද එක හෙලාම පවසන්නේ ඔවුන්ගේ ගැටළු විසදන ලෙසයි.

ඒ අතර දැන් අලුත්ම තත්වය නම් බෞද්ධ , කතෝලික ආගම් අතර ගැටුමක් ඇති කිරීමයි. එය තවත් විනාශයක ආරම්බයක් වනු ඇත. එසේම මේ ගැටුම සදහා මුල් පියවර තබන්නේ බෞද්ධ හිමිවරු බවද අපට තොරතුරු ලැබේ.

එසේ ගැටුමක් ඇති කිරීමට උන් වහන්සේලා කටයුතු කරන්නේ නම් එයින් උන් වහන්සේලාට කිසිදු යහපතක් ඇති නොවේ. අපගේ වාර්තා කරුවන් සදහන් කරන ආකාරයට ගාලු මුවදොර පිටියෙහි මෙසේ ජාතීන් තුනම ඒක රාශිව සිටිති. එවන් පසුබිමක් තුල එවැනි ගැටුමකට මුල පිරීමෙන් ස්වාමීන් වහන්සේලාටද තර්ජන සිදුවිය හැකිය. මේ වන විටත් බෞද්ධ සමාජය තුල බොහෝ බෞද්ධ ස්වාමීන් වහනේසේලා දෙස බලනුයේ පිළිකුල් සහගත ලෙසයි. මෙසේ සටහන් තබන අපද බෞද්ධයන්ය. එසේ ආරවුලක් ඇති කල හොත් අදාල හිමිවරුන්ට පහරදෙනු ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවම විසිනි. බිම් මට්ටම තත්වය පිලිබදව මනා අධ්‍යනයක් සිදු කිරීමෙන් උන් වහන්සේලාටම මෙය දැන ගත හැකි වනු ඇත.

එවන් පසුබිමක් තුල, ජනතාවගේ පීඩා දෙස අවධානය යොමු නොකොට ආගම් බේදයක් ඇති කිරීමක් සිදු වුවහොත් එය රටක් ලෙස අප තව දුරටත් බිද වැටෙනු ඇත. එසේ වීමට ඉඩ හසර ලබා නොදෙන ලෙස අප අදාළ අංශවලින් බලකර ඉල්ලා සිටිමු.
එසේම අති ගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට තවත් ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇත. කවුරු කවුරුත් වැරදි කෙරුවේ නම්, දැන් තිබෙන්නේ ගිනි ඇවිලීම නොවේ. ප්‍රශ්නවලට පිලිතුරු සෙවීම ටිකෙන් ටික සිදු කිරීමයි.

අප මේ සටහන අවසන් කරන්නට පෙර දැනගන්නට ලැබෙන්නේ එම හිමිවරුන් නෙලුම්පොකුන රගහල අසලින් පාගමනක් ආරම්භ කර තිබෙන බවයි.

ජයකොඩි රෝහණ.
මාණ්ඩලික වාර්තාකරු.
බස්නාහිර පළාත.

Exit mobile version