රුපියල් මිලියන 140,000 ක භණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලබන 10 වැනිදා පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළ බව වාර්තා වේ .
ඒ අනුව දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 80,000 ක බිල්පත් , දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 30,000 ක බිල්පත් එදිනට වෙන්දේසි කරන බව සදහන්.