ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු වන භානුක රාපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ, භානුක රාජපක්ෂගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් කිරීමට ඔවුන් එකඟවන බවය.
පසුගිය දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.