ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ නියුමෝනියා තත්වය බරපතල වීම හේතුවෙන් මුම්බායි නුවර බ්‍රිජ් කැන්ඩි රෝහලේදී ඇය අද පෙරවරුවේ මියගිය බවයි.
සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, මිය යන විට 92 හැවිරිදි වියේ පසුවූවා.
ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලාංකික රසික හදවත් දිනා ගත් ඇයට නිර්වාණ සුවය ප්‍රර්ථනා කරමු.