භාරත පුත්තු විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල තවමත් පෙරමුණේ

ICC විස්සයි 20 නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව ඇත.

දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය පිළිවෙලින් එංගලන්තයට හා පකිස්තාන කණ්ඩායමට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්ථානයේ පසුවෙයි.

මේ අතර මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (13) මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට මෙල්බර්න් හීදී පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version