භාවිතයට නුසුදුසු සහල් කන්ටේනර් 48 ක් ජනතාව ආහාර පිණිස අරගෙන දී ඇති  බව තහවුරු වෙයි. ලේඛන එලියට එයි. ඇමතිගේ බොරුවට පිළිතුරු අපෙන්.

පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික පුවත් පත් වාර්තා කල ආකාරයට කල් ඉකුත් වූ විෂ  සහිත සහාල් බහාලුම් 48 ක සහල් එරට ජනතාවට ආහාර පිණිස ලබා දී තිබෙන බවට වාර්තා කර තිබුණි. එම සියලුම සහල් 2022 ජනවාරි මාසයේ සිට වෙළද අමාත්‍යාංශය විසින් ගෙන්වා ඇති බවද අනාවරණය වී තිබේ.එම ලිපි සියල්ලම අප වෙතද ලැබී තිබේ. ඊට අමතරව අප අවසානයේ සදහන් කර තිබෙන වීඩියෝව මගින් එම සියල්ලම දැක බලා ගත හැකිය.

කෙසේ නමුත් මේ පිලිබඳව කර තිබෙන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින්ද එය මාධ්‍ය ආයතනවලට යොමුකර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය මගින් ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කර තිබෙන්නේ 2017 වර්ෂයේ එවැනි පරීක්ෂණයක් සිදුකර නැති බවටි.  එසේම වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්, රත්නවීර මහතාගේ වීඩියෝවද අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් යොමුකර තිබේ.

මෙරටට ආනයනය කරන ලද සහල් රසායනික බහුලව අඩංගු බවට පළිබෝධනාෂක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බවට පසුගිය දින කිහිපයෙහි ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණු අතර පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්  කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බව ඔවුන් සදහන් කරයි. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කරන 2017 දී නොව මේ සිද්ධිය සිදුව තිබෙන්නේ 2022 වර්ෂයේදීය. 2017 දී සිදුව නැති වුවත් ලේඛනවලට අනුව 2022 දී එය සිදුව තිබේ.

ඒ අතර වෙළද ඇමති ද ප්‍රකාශ කර තිබෙන්නේ එවැනි සහල් ලංකාවට රැගෙනවිත් නොමැති බවයි. එසේ නම් මේ ලේඛන මොනවාද?. මේ රැගෙන විත් තිබෙන ප්‍රතික්ෂේප කර තිබෙන සහල් කෝ?. මේවා කාටද දුන්නේ?. මේ පිලිබඳව life travelar යු ටියුබ් නාලිකාවද මේ පිලිබදව ලේඛන සහිතවම අනාවරණයක් කරයි. විස්තරය පහතින් බලන්න.

Exit mobile version