සමාජමාධ්‍ය ඔස්සේ බොහොසෙයින් සංසරණය වූ, නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළ සිටි භික්ෂුවකට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදෙන දර්ශන සහිත වීඩියෝවේ පහර දුන් පුද්ගලයන් 8 දෙනකු පොලිසිය විසින් අද (8) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ එම පහර කෑමට ලක්වූ හිමිනම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පහර දුන් පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබේ. එම පැමිණිල්ලට අනුව හිමිනම සදහන් කොට ඇත්තේ තමා ඥාති දියණියක් හා ඇයගේ මව සමග නිවසක සිටින අවස්තාවක මෙම පිරිස බලහත්කාරයෙන් නිවසට කඩාවැදී අප තිදෙනාට පහර දී නිවසේ භාන්ඩවලටද හානි සිදුකල බවයි.
ඉන් හතර දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කොට ඇති බවද වාර්තාවේ.
සැකකරුවන් අට දෙනා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ