අද (23) නීතිපති ගොනු කළ මෝසමක් මත අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමිට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබා දී ඇත.
සිරිධම්ම හිමි වෙනුවෙන් අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිඥ ෆසීර් මොහොමඩ් මහතා පෙනී සිට තිබේ.
ඒ අනුව උන්වහන්සේට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිදහස හිමිවනු ඇත.
දින 90ක් පුරාවට ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
මීට ඉහතදී මෙම ත්‍රස්ත වාදය වැළැක්වීමේ පනත යටතේ තිදෙනෙක් රඳවාගෙන් තිබූ අතර පසුගියදා හෂාන් ජීවන්ත ට ඇප හිමි විය.මේ අනුව අද දිනයේ සිරිධම්ම හිමිට ද ඇප හිමිව ඇත.නමුත් තවමත් වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිති.