භික්ෂූන් වහන්සේලා වන්දි බට්ටයන් නොවිය යුතුයි. (වීඩියෝ සහිතයි )

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් අන්තර්ජාල මාධ්‍යකට අදහස් දක්වමින් වර්තමානය වන විට දේශපාලකයො චීවරයෙන් යැපෙන්නට හුරුව සිටින බව සදහන් කරයි.

එක් කලක භික්ෂුන්වහන්සේ 04 නමක් ජනාධිපතිමන්දිරයේ වැඩ සිට ඇති බවත් ඒ දේශපාලකයන්ගේ විවිධ කාර්යයන් සඳහා බවත් උන්වහන්සේ මෙහි දී පෙන්වා දෙයි.

සඳහිරු සෑයේ භික්ෂුන්වහනන්සේලා විශාල ප්‍රමාණයක් වඩම්මවා කරන ලද්දේ ද , ප්‍රදර්ශනාත්මක පුහු ක්‍රියාවක් බවද සදහන් කරන උන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ගරුත්වයට නුසුදුසු මෙන්ම වන්දිබට්ටයන් වීම සුදුසු නැති බවද සදහන් කරයි. .

දේශපාලකයන් මේ අයුරින් සිවුර මත යැපීමට දරණ උත්සහයක් පෙනී යන බවද සදහන් කරයි.

භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරමින් ධර්මය ව්‍යාප්ත කළ යුතු පිරිසක් මිස දේශපාලකයන් ආරක්ෂා කළ යුතු පිරිසක් නොවන බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

Exit mobile version