අද උදෑසන 10.49 ට පමණ ඉංදියන් සාගරයේ සිදු වූ භූමිකම්පාවෙන් දැනට කිසිදු අනතුරක් හෝ මුහුද ගොඩට ගැලීමක් සිදු වූ බවට වාර්තා නොවේ. මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දිවයින වටා වෙරළ ආසන්නයේ සහ අවට වෙසෙන ජනතාවට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.