භූමිකම්පාවෙන් අසරණව සිටින ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි.

සිදු වූ භූ කම්පනය හේතුවෙන් මේ වන විට අසරණව සිටින ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පාලක තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවන්ගෙන් සහය අපේක්ෂා කරයි.

ඒ අනුව තලෙයිබාන් සංවිධානය ඉල්ලා සිටින්නේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර පාන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන ලෙසයි.

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයේ ගොඩබිම් ප්‍රදේශයේ ඇති වූ මෙම භූ කම්පනයෙන් මේ වන විට ජීවිත හානි දහස ඉක්මවා වාර්තා වී ඇත.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කල පරිදි තුවාල ලැබුවන් සංඛ්‍යාව ද 1500 ඉක්මවා ගොස් ඇති අතර වසර 20 කට පසුව ඇෆ්ගනිස්ථානය මුහුන දුන් දරුණුතම අනතුරු මෙය බව ද සඳහන් වේ.

Exit mobile version