භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් වාර්තාගත ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව 74% ක වර්ධනයක් පෙන්වමින් වාර්තාගත ආදායමක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින්  උපයා ඇත.

ඒ අනුව මෙම වසරේ අගෝස්තු මස අවසන් වන විට රුපියල් මිලියන 2028ක ආදායමක්  ඉපයීමට ඔවුන් සමත්ව ඇති බව වාර්තා  වේ.

මෙම ආදායම් උපයා ගැනීම සිදුකර ඇත්තේ වැලි,කළුගල්,පස් හා බොරලු කැනීම් හා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම ,ඛනිජ සම්පත් අපනයනයට බලපත්‍ර ලබා දීම ආදී සේවාවන් තුලිනි.

 ඒ අනුව මේ වසරේ ගත වූ කාලසිමා තුළ දී ගවේෂණ බලපත්‍ර 12ක්, කාර්මික බලපත්‍ර 1856ක්, වෙළඳ බලපත්‍ර 281ක් ,වැලි කළු ගල්,බොරලු ප්‍රවාහන බලපත්‍ර 777,000ක් මෙන් ම අපනයන බලපත්‍ර 374ක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මඟින් නිකුත් කර ඇති බව පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත.

Exit mobile version