ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයට අද (01) පෙරවරු 8.00ට පමණ භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්තා වේ.
මෙම භූ කම්පනය කිලෝමීටර 15ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 4.1ක ප්‍රබලත්වයෙන් යුතුවේ.
කෙසේ වෙතත් අදාළ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් වාර්තා වී නොමැති බව සදහන්.