භූ විද්‍යා කැනීම් හා පතල් කාර්යාංශයේ ලොක්කෙක් ජනාධිපති අප්‍රසාදයට ලක්වන ලෙස වැඩ කරනවා – සේවකයන්

භූ විද්‍යා කැනීම් හා පතල් කාර්යාංශයේ ලොක්කෙක් අතිගරු ජනාධ්පතිතුමා ප්‍රමුක රජයට අප්‍රසාදය ඇතිවන ලෙස කටයුතු කරන බව එහි රාජ්‍ය සේවකයන් පවසයි.

වෙනත් දේශපාලන වුවමනාවන් පිරිමැසීම වෙනුවෙන් එහි අභ්‍යන්තර පරිපාලනය ඔහු විසින් අවුල් කර තිබෙන බවද ඔවුන් සදහන් කරන අතර විවිද අක්‍රමිකතා සහ දූෂණ ගණනාවක්ද අප වෙත ලැබී තිබේ. අප ඉදිරියේදී ඒවා හෙළිදරව් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටී. විවිධ අක්‍රමිකතා හේතුවෙන් අභ්‍යන්තර පරිපාලනය අවුල් කර ආයතනයේ අනෙකුත් රාජ්‍ය නිලදාරීන්ට තම සේවය එපා කරවන ලෙස කටයුතු සිදුවන බවද වැඩි දුරටත් ඔවුන් සදහන් කරති.

රජයේ සේවයේ දී සිටිමින් දේශපාලනය කිරීම හෝ තමන් වැටුප් ලබන රාජකාරිය සිදු කිරීම පැහැර හැරීම දැඩි දඩුවම් වලට ලක් විය යුතුය. එසේම පැවති යහපාලන රජය සමයේද, එම රජයට අප්‍රසාදය ඇතිවන ලෙස රාජ්‍ය සේවයේ බොහෝ උසස් නිලදාරීන් කටයුතු කල අතර රජය බිද වැටී දින කිහිපයකින්ම විවිද උසස්වීම් ලබා ගත් අය ද සිටී.

කුමන රජයක් පැවතියද රාජ්‍ය නිලදාරියා තමන්ගේ රජයක් වෙනුවෙන් මහන්සි වන්නේ නම් රටක් ඉදිරියට යන්නේ කෙසේද? බොහෝ විට රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවට පොලිස් නිලධාරීන්ට චෝදනා නැගුවත් රාජ්‍ය නිලධාරීන්ගෙන් ද 80% කටත් වඩා තම රාජකාරිය දේශපාලනීකරණය කරගෙන තිබේ. සමහර දේශපාලන පක්ෂ තමන්ගේ වාසිය වෙනුවෙන් නිලදාරීන් දේශපාලනය සමග සම්බන්ධ කරගෙන තිබුනත්, කිසිම රජයකට රට නිසි ලෙස පාලනය කරගත නොහැක්කේ මේ දේශපාලන බෙදීම නිසා බව වටහා ගැනීමට කාලය පැමිණ තිබේ. සමහර පොලිස් නිලදාරීන් සිදු කරන අකටයුතුකම් වලට වඩා වැඩියෙන් රාජ්‍ය සේවයේ නියුතු නිලදාරීන් සිදුකරන බව දක්නට තිබේ.

රටක් ඉදිරියට යාමට නම් රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනය තහනම් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන දේශපාලන සංස්කෘතියක් මෙන්ම සමාජයද ගොඩ නැගිය යුතුව තිබේ. සියල්ලම නිසි ලෙසම සිදු නොවන බැවින් සියලු දෙනාම දේශපාලනය කිරීමෙන් මේ රට මේ වන විටත් විනාශව තිබෙන්නේ සක්‍රයාගේ පුතා වයිමාටවත් ගොඩ ගත නොහැකි ලෙසයි.

Exit mobile version