ඊයේ සහ අද (14,15) දෙදිනම සමාජ මාධ්‍ය තුල කථා වුයේ ඩඩ්ලි සිරිසේන මහතාට කැළණියේදී සිදු වු සිදු වීමය. එම සිදු වීම පිළිබඳව විද්‍යාත්මක ලිපියක් අප අද පලකලේය. රටේ සහ ලෝකයේ සැබෑ තත්වයන් අප එයින් පෙන්වා දී තිබේ. ඒ අතර මීට සුළු මොහොතකට පෙර ඊයේ සිදුවීමත්, අද සමාජ මාධ්‍ය තුල සිදු වු දැඩි කථා බහත් පිළිබඳව ඔහු තම මුහුණු පොතේ නැවතත් සටහනක් තබා තිබේ.
එම සටහන එක් පැත්තකින් උත්සාහවන්තයෙකුගේ නොපසුබටකැප කිරීම පෙන්නුම් කරයි. දියුණු වු සියල්ලෝම කැපකිරීම් කරති. එම කැපකිරීම් හොඳ හෝ නරකද විය හැක. එම සටහන තුල තමන්ගේ වර්තමාන තත්වයද පෙන්වා තිබේ. එසේම දුක් මහන්සියෙන් මුදල් එකතු කරගත් පුද්ගලයන් පවා පව්කාරයන් ලෙස සිතීම වෙනස් කිරීම උගතුන් විසින් සිදුකල යුතු බවද ඔහු පෙන්වා දෙයි. එසේම රටේ ඉන්න ළිං මැඬියන් ට ඔහු කරන කැප කිරීම නොදන්නා බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් ඔහු ඊයේ සිදුවීම පිළිබඳව අද උදෑසන පලකර තිබු පළකිරීම ඉතා විශිෂ්ඨ සටහනක් වන නමුත් මෙම සටහනේ ගත යුතුව තිබෙන වටිනාම දේ වන්නේ ඔහුගේ කටුක ගමන් මග සහ ඔහු රටට කරන සේවය පමණි. අනෙකුත් සටහන් වලින් ඔහුගේ ආවේගය හෝ කණගාටුව පෙන්වා තිබේ. ඩඩ්ලි යනු ගේමට ගේම ගැසිය හැකි කොන්දක් ඇති මිනිසෙකි. ඔහුට කොන්දක් නොතිබුණේ නම් මෙවැනි ගමනක් පැමිණිය නොහැක. නමුත් ඩඩ්ලි මෙම සටහන පල නොකර, මෙම කථාවේ ගත යුතු සියල්ල ඉතාම විශිෂ්ඨ ලෙස සමාජ ගත කිරීමට තිබුණි. ඒ ඔහුගේ ගමන් මගේ ගත යුතු යුතු බොහෝ දේ , සමාජයට දිය යුතුව තිබෙන බැවිනි. කල යුතුව තිබුණේ එයයි.
ඔහුගේ දෙවැනි සටහන පහතින් කියවන්න
“සමාජ මාධ්‍ය හැමතැනකම පාහේ කතාබහවන්නේ ඩඩ්ලිට පාඩම් ඉගැන්වූ විශ්ව විද්‍යාල සිසුන් කිහිපදෙනෙකුගේ කතා වස්තුව ගැනය. මෙම සිදුවීම වන විටත් ඒ හා සමගාමීව ඔවුන් විසින් සැළසුම්සහගතව ෆේස්බුක් සජීවී විකාශයක් උඩුගත කිරීම ආරම්භ කළ තිබුණේය. තවද මේ හරහා බොහෝ රැඩිකල් කාඩර්වරු එයට හුරේ දැමීමද ආරම්භ කර තිබූ පසුබිමක අප විසින් හුදු සංසිද්ධියම නොසළකා හැරීම බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් වී තිබුණේය.
මා ව්‍යාපාරිකයෙකු වශයෙන් වෙළඳාමට අත්පොත් තැබුවේ අසූවේ දශකයේ මැද භාගයේය. ඊට පෙරාතුව වයස දහසයේදී මා නිවසෙන් හොරෙන්ම නික්ම ගොස් අනුරාධපුර මහින්දසෝම මහතාට අයත් ගරාජයක අත්උදව්කරුවෙකු වශයෙන් සහ ලොරි ක්ලීනර්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී තාත්තා විසින් නැවත මා සොයාගෙන විත් උසස් අධ්‍යාපනය වෙත යොමු කළ හැටි මා බොහෝ තැන් වල ප්‍රකාශ කර ඇත්තේය.
උසස් අධ්‍යාපනය අවසානයේ කාර්මික පාඨමාලාව සම්පූර්ණ කළ නිළධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ මා එහි Leading Aircraftman කෙනෙකු ලෙස සේවය නිම කිරීමෙන් අනතුරුව එළවලු තොග වෙළඳාම, රෙදිපිළි ආනයනය, ගොඩනැඟිලි සහ පාරවල් කොන්ත්‍රාත් ඇතුලු ව්‍යාපාර වලින් ස්වෝත්සාහීව ආරම්භ කළ ගමන්මඟ අද වන විට ව්‍යවසායකයෙකු දක්වා පුලුල් කරගත්තේ අරලිය සහල් නිෂ්පාදනාගාරය හරහාය. එම ව්‍යපාරයද මා ආරම්භ කළේ කිලෝ 65 වී මිටියකින්ය. ඉන් අනතුරුව අතරැඳි ලක්ෂ දෙකක මුදලක් හා බිරිඳගේ කනකර උගස් කර ලබාගත් මුදලක් එකතු කර ලබාගත් ලීසින් එකකින් මිලට ගත් ලොරියකින් එම ව්‍යාපාරය පුලුල් කළේය. එම ලොරියේ ගෝලයාද, වී කිරන්නාද, පටවන්නාද තනි මා පමණක්ම විය. මේ ව්‍යාපාර මා විසින් ගොඩනැඟුවේ එලෙසින් දුක්මහන්සි වීමෙන්ය.
අද වන විට මාගේ ව්‍යාපාර වපසරිය අති සුඛෝපභෝගී හෝටල් පහක් ඇතුලුව තරු පන්තියේ කාමර දහසකින්ද, ලෝකයේ විශාලතම සහල් සයිලෝ සපිරි සහල් නිෂ්පාදනාගාරයකින්ද, ලෝකයේ ඉහළම තාක්ෂණය යොදා නිෂ්පාදනය කරන බිත්තර වී කර්මාන්තශාලාවකින්ද, ලෝකයේ ඉහළම තාක්ෂණය යොදා නිර්මාණය කරන ලද පොහොර කර්මාන්තශාලාවකින්ද, අතිනවීන non-wowen බෑග් නිෂ්පාදනාගාරයක් ඇතුලු අමුද්‍රව්‍ය සපිරි කර්මාන්තශාලාවකින්ද, ලංකාව තුළ ඇති විශාලතම ඉන්ටර්ලොක් ගල් ව්‍යාපාරයක් සහ දේපළ වෙළඳාම් ඇතුලු එකිනෙකට වෙනස් ක්ශේත්‍ර 20 කට අයත් ව්‍යාපාර රැසක් දක්වා ප්‍රසාරණය වී අවසානය.
මාගේ ව්‍යාපාර හරහා රට තුළ නිර්මාණය වී ඇති සෘජු හා වක්‍ර රැකියා ගණන ලක්ෂයකට වැඩි වී ඇති මිසෙක, අඩු වී නැත. එයිනුත් එක්දහස් පන්සියයකට ආසන්න රැකියා වල නිරත වන්නේ රජයේ පිළිගත් විශ්ව විද්‍යාල වලින් උපාධිය සම්පූර්ණ කළ විද්‍යාර්ථීන් ය. එය ආචාර්ය උපාධි දරන්නන්ගේ සිට Chartered Accountant ලා ඇතුලුව පුලුල් පරාසයක් දක්වා පැතිරී ගිය ජාලයක්ය. තවද Araliya Management Service නැමති ආයතනය හරහා අප විසින් බඳවා ගනු ලබන නවක විද්‍යාර්ථීන් තමන්ගේ පුහුණු පාඨමාලා පවා සම්පූර්ණ කරන්නේ අප ආයතන හරහා වීමද විශේෂය. පටු දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් කැළණිය විදු බිමේදී මා ප්‍රශ්ණ කළ නවක උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් කිහිපදෙනා නොදනා කාරණය එයය.
බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ අසාන් ගැන කියවා ඇත. අසාන් යනු බයිසිකලයක හාල් කවරයක් බැදගෙන වෙළඳාමේ ගිය උතුරට නෑකම් කියන සාමාන්‍ය කොරියානුවෙක්ය. කොරියාව ඔහුට අවස්ථා ලබාදුන් අතර අසාන් එම අවස්ථා ලබාගත්තේය. අද ලොවක් දන්නා Hyundai සමාගම අසාන්ගේය. අපේ රටේ අයට මේවා අවස්ථා ලෙස නොපෙනෙන්නේය. යම් ප්‍රාග්ධනයක් එකතු කරගෙන ඇති අය ධනපතියන් ලෙස වර්ගකර විවේචනය කිරීම හැර වෙනත් පිලිතුරක් අපේ රටේ ළිං මැඩියන්ට නැත. මා කළේ දශක තුනක් පුරාවටම මා විසින් රැස්කරගත් ප්රාග්ධනය රට තුළම ආයෝජනය කර රැකියා ලක්ෂ ගණනක් බිහිකිරීම පමණක් බව කිසිදිනෙක ඔවුන්ට නොවැටහෙනු ඇත.
විප්ලවකාරී දේශපාලන දර්ශනයට බෞද්ධ අල්පේච්ච තාව එකතුවී ප්රාග්ධනය පවක් ලෙස සමාජගත කර ඇත. එහෙත් අද වන විට අනුර කුමාර දිසානායක වැනි වාමාංශික නායකයින් පවා ප්‍රාග්ධන හිමියන් රටකය අවැසි යැයි කියමින් තම ස්වකීය මතවාදය සුපෝෂණය කිරීමට තරම් සම්ප්‍රධායික රාමු බිඳගෙන ඇත. තවදුරටත් රටේ ප්‍රාග්ධන හිමියෝ හොරු නොවන අතර ප්‍රාග්ධන හිමියන්ගේ වත්කම් දෙස අවඥාවෙන් බැලීම පවා රටකට කරන අවැඩක් ලෙස උගත් ප්‍රජාව සමාජගතකළ යුතු කාලය එළඹ ඇත. මන්ද රටක දරිද්‍රතා දර්ශකය ඉහළ යන්නේ එසේ වූ විටය.
එහෙයින් නොහැදියාව ප්‍රදර්ශනය කිරීම වෙනුවට එම
සිසුන් පිරිස කළ යුතුව තිබුණේ මා දේශනයකට සුදුසු නැති බව විෂයානුබද්ධව ඔප්පු කිරීම පමණය. එය කළ යුතුව තිබුණේ අදාළ දේශන ශාලාවේදීය. එහෙත් මා එම දේශනය විද්‍යාර්ථයින් සියයකට ආසන්න පිටිසක් ඉදිරියේ දෙපැයක් පුරාවට කිසිඳු බාධාවකින් තොරව සාර්ථකව සිදුකළේය. එහෙයින් දරුවනි, සාර්ථක වූයේ මා මිස ඔබ නොවේය. ඔබට ලැබුණේ මාධ්‍ය අවධානය පමණය. මට ඇති එකම දුක මා සතු පෞද්ගලික ධනය සහ මා සතු වටිනා කාලය මිඩංගු කරමින් සිදුකළා වූ සමාජ සත්කාරය ගැන වැරදි අවබෝධයක් රටේ ජනතාවගේ මනසට යාම පමණය.
එහෙත් විශිෂ්ඨයෙකු ලෙස ව්‍යාපාරික ගමන ආරම්භ නොකළද රටට වැඩදායි ව්‍යවසායකයන් පිරිසක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දී ශ්‍රේෂ්ඨයෙකු ලෙස මියයාම මාගේ අරමුණය. එහෙයින්, සිදුවූ කිසිම සිදුවීමක් නිසා හෝ ඔබ වැනි සිසුනට මඟ පෑදීම වෙනුවෙන් මා ඉදිරියට තැබූ පය කිසිදිනෙක නැවත ආපස්සට නොගනු ඇත“.