බෞද්ධගේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේය. සමස්ත ලෝකයාගේම අවධානය දිනා ගත් මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය තව නොබෝ දිනකින් ඇරඹීමට නියමිතය.
ඒ අසිරිමත් චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩමවීම සදහා දින 10 ක් පුරා පයින්ම මහනුවර බල පැමිණෙන මහා පූජනීය පින්වන්ත ඇත් රජුන් දැක බලාගෙන , ඔහුට තම ගරු බුහුමන් ලබා දීම වෙනුවෙන් අද දහස් ගණනක ජනතාවක් මග දෙපස රැස්ව සිටිති. මේ සටහන් තබන මොහොතේ (16.15) නැදුන්ගමුවේ රාජා ගැටඹ ප්‍රදේශය පහු කරමින් සිටින බව අපගේ මහනුවර මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කරයි.
ලෝකයක් වන්දනා කරන, මේ පූජනීය අත් රජු අද හවස දළදා සමිදුන් වැද පුදාගැනීමට නියමිතය.