මට්ටක්කුලියේ පුද්ගල ඝාතනයක්.

Dead woman lying on the floor under white cloth with focus on hand

අද(28 )දහවල් මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මට්ටක්කුලිය-සාවිය පටුමගේ පදිංචි වයස අවුරුදු 38 වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකුට මෙලෙස  මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇත.

ඔහුගේ දේහය මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් පොලිසිය විසින් සදහන් කළේය.

Exit mobile version