මඩකලපුවේ මළවුන් සැමරූ පිරිසට ඇප

කාන්තාවන් ද ඇතුළුව දමිළ පුද්ගලයින් දස දෙනෙකු මළවුන් සැමරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ඇප මත නිදහස් කිරීම සඳහා අධිකරණය නියෝග කර ඇත.

නීතිඥ සුගාස් කනග රත්නම් විසින් ගොනු කරන ලද මෝසමකට අනුව නඩුව කැඳවා ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාළ සැකකරුවන් දස දෙනා ඇප මත නිදහස් කිරීමට නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.

2021 මැයි මස 18 වැනිදාට යෙදී තිබූ මුල්ලිවයික්කාල් සැමරුම මඩකළපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් සිදු කරන ලද මෙම පිරිස පසුදා කල්කුඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ නඩුව දෙසැම්බර් මස 06 වනදා කැඳවන ලද අවස්ථාවේ දී වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.එච්.එම්.ෆසීල් නියෝග කර ඇත්තේ එම සැකකරුවන් දෙසැම්බර් මස 20 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසටයි.

Exit mobile version