මඩකලපු මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති නෞකාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
මෙලෙස නැංගුරම්ලා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය බලා ගමන් කරමින් තිබූ නෞකාවක් වන අතර එහි ඉන්ධන හිඟයක් හේතුවෙන් මෙලෙස දින කිහිපයකට පෙර නැංගුරම්ලා ඇති බව සඳහන් වේ.
මෙම නෞකාව කැනීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය පේනවා දෙයි.
එමෙන්ම මේ වන විට එම යාත්‍රාව සඳහා අවශ්‍ය කරන ඉන්ධන ත්‍රිකුණාමලයේ පිහිටි දේශීය නැව් නියෝජිතායතනයක් මගින් ලබා දී ඇති බවත් එම යාත්‍රාව ගමනාන්තය දක්වා යාත්‍රා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.