මතට ඇබ්බැහිවූවන් මුදවා ගැනීමට වැඩසටහනක් .

මතට ඇබ්බැහිවූවන් මුදවා ගැනීමට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන “ සවිය “ වැඩසටහනෙහි තවත් වැඩසටහක් ඊයේ (12) දින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල නගර ශාලාවේදී පැවැත්වුණු බව වාර්තා වේ. එම වැඩසටහනට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය ඇතුළු පිරිසක් සහභාගී වූ බව කියයි.

මෙම වැඩසටහන ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් කැස්බෑව , කහතුඩුව , පිළියන්දල , මත්තේගොඩ පොලිස් වසම් වල මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුවන් 200 දෙනෙකු සහ ඔවුන්ගේ භාරකරුවන් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත් වූ බව කියයි.

Exit mobile version