මතභේද රැසකට ලක් වූ චීන යුවාන් වෑන්ග් – 5 සමුද්‍රීය නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරයා කරා පැමිණීමට නියමිතව ඇත.
අදාළ නෞකාව අගෝස්තු මස 19 වනදා තෙක් හම්බන්තොට වරාය තුළ රැඳී සිටීමට නියමිතව ඇත.
අදාළ නෞකාව පසුගිය 11 වනදා දිවයිනට ළඟා වීමට නියමිතව තිබුණ ද නිසි අවසරයක් නොලැබීම හේතුවෙන් මෙසේ වරායට පැමිණීම ප්‍රමාද වී ඇත.
මීට ඉහත දී ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට මෙම නෞකාව සිදු කරන පර්යේෂණ තර්ජනයක් විය හැකි බවට මත ද ඉදිරිපත් විය.