මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් ද සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන අතර එහි ප්‍රභූ පර්යන්තයේ ද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බව ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වීම නිසා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරහා එලෙස රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තා වීමත් සමඟ එම ගුවන් තොටුපළට අනුයුක්තව සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් උගන්ඩාවෙන් පැමිණෙන බව කියවෙන ගුවන් යානයක් හිගුරක්ගොඩ ගුවන් හමුදා ගූවන් පථයට පැමිණීමට නියමිත බවට අප මීට සුලු මොහොතකට පෙර වාර්තා කරන ලදී.