මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනියම් බිරිඳක වූ ජනප්‍රිය නිලියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා කැදවීමක් සිදු කර තිබෙන බවට වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඇයට මෙම කැදවීම පසුගිය සිකුරාදා (03) කර ඇතත් නොපැමිණීම හේතුවෙන් මෙම සතියේ පැමිණෙන ලෙස දන්වා තිබෙන අතර මෙලෙස ඇය කැදවීමට හේතුව වශයෙන් ඒ හයිබ්‍රිඩ් සුද්දා නැමැති මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලබා ගත් මුදලින් ඇයට ලබා දුන් නිවසක් පිළිබඳ විමර්ශණයක් සිදු කිරීමට බව වාර්තා වේ.
මෙම නිළියට දකුණු පළාතේ හා පිලියන්දල ප්‍රදේශයේ නිවසක් ඇති බවට වාර්තා වන අතර මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරේ බිලූමැන්ඩල්හීදී පෙලපාලියකට වෙඩ් තැබීමේ සිද්ධියට හයිබ්‍රිඩ් සුද්දා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නිලිය සමග දකුණු පළාතේ නිවසක සැගව සිටියදී බවට වාර්තා වේ.