අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
වාර්තා වන ආකාරයට එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා සඳහන් කර තිබුනේ මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවත් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති පුද්ගලයින් සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජා පාදක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් ඔහු පවසා තිබේ.
මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් සැරිසරන ප්‍රදේශ අධීක්ෂණ කිරීම සඳහා වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද සැලසුම් කර තිබෙන බවට තවදුරටත් වාර්තා වේ.