සුරාබදු දෙපාර්තමේන්තුවට මෙතෙක් බදු නොගෙවා ඇති මත්පැන් සමාගම්වලට බදු ගෙවීම සදහා සති දෙකක කාලයක් ලබා දී ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.