කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ සේවිකාවක් මත්පෙති ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම සේවිකාව රු.2000 ක මත්පෙති 40ක් අලෙවි කර ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.ඊයේ (11) දිනයේ උපාය දූතයෙකු මාර්ගයෙන් මෙම වැටළීම සිදුකර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කරන ලද ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට මෙසේ මත්පෙති අලෙවි කිරීම සිදුකර ඇති බවයි.
මැය කෑගල්ල ප්රදේශයේම පදිංචිකාරිණියක බව මේ වන විට අනාවරණය වී ඇත.