ඊයේ (14) දින රාත්‍රියේ පොලිස් විශේෂ බළකාය විසින් බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු මත් පෙති 145 ක් සමග අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම වෛද්‍යවරයා කලක සිට පාසැල් දරුවන්ට හා තරුණ තරුණියන්ට පත් පෙති තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී අලෙවි කර ඇති බව වාර්තා වේ.
බදුල්ල පොලීසිය විසින් සැකකාර වෛද්‍යවරයායේ මෝටර් රථය සහ ඔහු සන්තකයේ තිබූ මත් පෙති පොලිස් භාරයට ගෙන ඇති බව කියයි. එමෙන්ම සැකකරු අද (15) බදුල්ල මාහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිටීමට නියමිත බව වාර්තා කරයි.