ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ නීති විරෝදී සැර මත්පැන් විෂ වී පුද්ගලයන් 65 ක් මිය ගොස් තිබේ. කිහිප දෙනෙකු දිවි ගලවාගෙන ඇති මුත් ඔවුන්ගේ ඇස් නොපෙනෙන බව ද වාර්තා වේ.
බිහාර් ප්රාන්තයේ මීට වසර 7 ක පමණ සිට මත් පැන් අලවිය, පරිභෝජනය සම්පුර්ණයෙන් තහනම් කර ඇති පසුබිමක මෙසේ සිදුවීම විශේෂයකි.