මත් රකුසාට තරුණ ජීවිතයක් බිලි.

මත්ද්‍රව්‍ය භාවිතයට තම මව විසින් මුදල් ලබා නොදීම හේතුවෙන් යාපනයේදී තරුණයකු ගෙල වැලලාගෙන  මියගොස් ඇති බව වාර්තාවේ.

 මෙම තරුණයා විදෙස් රටක රැකියාවක සිට ලංකාවට පැමිණ යාපනය ප්‍රදේශයට ගොස් මත් කුඩු ලබාගැනීමට තම මවගෙන් මුදල් ඉල්ලා නොදීම හේතුවෙන් තම නිවස අසල ගසක එල්ලී මියගොස් තිබේ.

මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වන අරුලානන්දම් ලක්ෂාන් නැමැති යාපනයේ වට්ටු කෝටිටෙයි පොලිස් වසමට අයත් කුණ පන්නාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් බව සදහන්වේ.

මියගිය තරුණයා අධික ලෙස  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් එකතු වි රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වියදම්කර ඔහුව කැනඩාවේ රැකියාවක් සඳහා පිටත් කොට යවා තිබේ.

එලෙස විදේශ ගතව සිටියදී නැවත ලංකාවට පැමිණ තමනිවසේ විවිධ භාණ්ඩ විකුණා මත්ද්‍රව්‍ය පානය කොට ඇති බව ඔහුගේ මව පොලීසියට පවසා ඇති අතර මෙම  සිද්ධිය වූ දිනයේදීද මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ඉල්ලා ඔහු මවට කරදර කොට ඇති බවත් මව විසින් මුදල් නොමැති බව කීමෙන් පසුව මෙම තරුණයා මෙම අනතුර සිදු කොට ගෙන ඇති බව පොලීසියට සදහන් කර තිබේ.

Exit mobile version