දකුණ, උතුරු මැද හා , ඌවත් පොහොට්ටුව ඉල්ලයි!
මධ්‍යයම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ඉවත් නොකරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ .
ඉවත් නොකල යුතු ආණ්ඩුකාරවරුන්ගේ නම් ලැයිස්තුවක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති කාර්යාලයට බාරදී ඇති බව වාර්තා වන අතර එහි ලලිත් ගමගේ මහතාගේ නමද ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.
ලලිත් ගමගේ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක ප්‍රධාන සාමාජිකයෙකු හා වියත් මග සාමාජිකයෙකි. මීට පෙර අවස්ථා කිහිපයකදී ඒ මහතා ඉවත් කරන බවට විවිධ ප්‍රචාර ගෙන ගියද ඔහු හා දකුණේ ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඉවත් නොකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම කල් ගියේය .
මධ්‍යමට අමතරව දකුණ, උතුරු මැද, ඌව පළාත් වල ආන්ඩුකාරවරුන් ඉවත් නොකරන ලෙස එමගින් ඉල්ලා ඇතැයිද සදහන්ය.
මේ වන විට මධ්‍යම පළාතට අමතරව උතුරු මැද පළාතද ලලිත් ගමගේ මහතාට වැඩ බැලීම සදහා භාර දී ඇති අතර, ඒ උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විදේශ ගත වීම හේතුවෙනි.
සරත් සමරනායක